යුද හමුදාවේ 61ක් දකුණු සුඩානයට

2025 අප්‍රේල් මස 22 ප.ව. 05:21 - {{hitsCtrl.values.hits}}  

එක්සත් ජාතීන්ගේ දකුණු සුඩානයේ ක්‍රියාන්විත රාජකාරීන් සඳහා ‘UNMISS’ 6 වන අදියර යටතේ නිලධාරීන් 11 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා භටයන් 61 දෙනෙකුගෙන් යුත් නව කණ්ඩායමක් දකුණු සුඩානයේ බෝර් හි පිහිටි ‘SRIMED’ 2 වන අදියරේ රෝහලක රෝහල් රාජකාරි සිදුකිරීම සඳහා අද (3දා) දින අළුයම දකුණු සුඩානය බලා දිවයිනෙන් පිටත්ව ගියහ.

ලුතිනන් කර්නල් රොහාන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසු නිලයන් 50 දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායම මේ වනවිට දකුණු සූඩානයේ රාජකාරියේ නියුතු 62 දෙනෙකුගෙන් යුත් සාමාජිකයන් එම රාජකාරියෙන් මුදවා රාජකාරී භාරගැනීමට නියමිතව ඇත.

ඒ අනුව, 5 වන අදියර යටතේ දකුණු සුඩානයේ සිය රාජකාරී කටයුතු නිම කළ කණ්ඩායම සිය රාජකාරී සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව අද (3) දින නැවත දිවයිනට ළඟාවීමට නියමිතව ඇත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...