යුරෝපා සංගමය කුඩා දරුවන්ගේ චිත්‍රකලා හැකියාව අගයයි ‘වර්ණවත් ජීවිතය’ නමින් කොවිඩ්-19 ඇසුරින් චිත්‍ර ත

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 07:11 - {{hitsCtrl.values.hits}}  

කොවිඩ්-19 වසංගතයට  මුහුණ දෙමින්, කුඩා දරුවන් වෙනස් වූ ජීවන රටාවකට හැඩගැසීමට දරන උත්සාහය අවබෝධ කරගැනීමට, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ චිත්‍ර නිර්මාණයට උනන්දු කුඩා දරුවන් සහභාගී කරවාගනිමින් විශේෂ චිත්‍ර තරගයක් පැවැත්වීමට ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගම් දූත මණ්ඩල කාර්යාලය පියවර ගෙන තිබේ.

අනපේක්ෂිත වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විටපාසල් වසාදමා ඇති අතර, සමාජ දුරස්ථභාවය හේතුවෙන් කුඩා දරුවන්ට තම නිවසටම සීමා වී කාලය ගතකිරීමට සිදුව තිබේ. එවන් අවස්ථාවක දරුවන්ට ආරක්ෂිත හා නිරෝගීමත් අයුරින් තම හැඟීම් ප්‍රකාශ කළ හැකි නිර්මාණාත්මක ක්‍රියාකාරකමක් ලෙස චිත්‍ර නිර්මාණය හැඳින්විය හැක.

‘වර්ණවත් ජීවිතය’(Life in Colour) යන මාතෘකාව යටතේ පැවැත්වෙන මෙම චිත්‍ර තරගාවලියට වයස අවුුරුදු 15 හා ඊට අඩු වයස් කාණ්ඩවල දරුවන්ට සහභාගී විය හැක. වර්තමානයේ ඔවුන් මුහුණ දෙන අත්දැකීම් ඇසුරින් උපදින හැඟීම් හා ප්‍රකාශන මෙම චිත්‍ර හරහා එළිදැක්වීම අපේක්ෂා කෙරේ.

වයස අවුරුදු 15 හෝ ඊට අඩු ළමුන්ට මෙම තරගාවලියට සහභාගී විය හැකි අතර එක් දරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් චිත්‍රයක් පමණි. චිත්‍රය නිර්මාණය කර අවසන් වීමෙන් පසු එය පැහැදිලිව පෙනෙන ඡායාරූපයක් ගෙන, 2020 මැයි 25 දිනට පෙර euinsrilanka@gmail.comයන විද්‍යුත් ලිපිනයට ඊමේල් කළ යුතුය.එම ඡායාරූපයේ ධාරිතාව මෙගා බයිට් 25 නොඉක්මවිය යුතු අතර දරුවාගේ නම, වයස හා සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක් ද ඒ සමඟ එවිය යුතුය.

ජයග්‍රාහකයින් තේරීමේදී වයස අවුරුදු 6 දක්වා, අවුරුදු 7-11 දක්වා සහ අවුරුදු 12-15 දක්වා වශයෙන් කාණ්ඩ තුනක් යටතේ එක් ජයග්‍රාහකයෙකු බැගින් තෝරාගැනේ. සියලුජයග්‍රාහකයින්ට චිත්‍ර ඇඳීමට භාවිත කරන ආකර්ෂණීය උපකරණ කට්ටල ත්‍යාග වශයෙන් පිරිනැමේ. 

 

වැඩි විස්තර

දේශපාලන, වෙළෙඳ හා සන්නිවේදන අංශය

ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ යුරෝපා සංගම් දූත මණ්ඩලය

දුරකථන: + 94 11 2674413-4    

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...