යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය දෙසැම්බර්

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 04:54 - {{hitsCtrl.values.hits}}  

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය හා ජාතික තරුණ සේවා සභාව මෙහෙයවනු ලබන යොවුන් පාර්ලිමේන්තු මැතිවරණය දෙසැම්බර් මස පැවැත්වීමට කටයුතු යොදා තිබේ. දිවයිනේ සියලු යෞවන සමාජ සමාජික සමාජිකාවන්ට යොවුන් පාර්ලිමේන්තු මැතිවරණයට ජන්ද ප්‍රකාශ කිරීමේ බලය හිමිවේ.

සිව්වැනි යොවුන් පාර්ලිමේන්තුව සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම මේ වන විට අවසන් කර තිබෙන බව තරුණ සේවා සභාව සඳහන් කරයි. 2016 /2017 ඡන්දහිමි නාමලේඛනයට තම නම ඇතුළත් ව ඇත්දැයි පරීක්ෂා කිරීමට යෞවන සමාජ සමාජික සමාජිකයන් හට අවස්ථාව සැලසේ.  මෙම සේවාව නොවැම්බර් 10දා දක්වා ක්‍රියාත්මක කෙරෙන අතර අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තරුණ සේවා නිලධාරිවරයා හමුව ඡන්දහිමි නාමලේඛනය පරීක්ෂා කළ හැකිය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...