2025 පෙබරවාරි මස 23 පෙ.ව. 08:35 - {{hitsCtrl.values.hits}}
මහවැලි හා පරිසර අමාත්‍යංශය සහ වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මකකර ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව ලංකා බැංකුවේ 80 වෙනි සංවත්සරය නිමිත්තෙන් දියත්කරනු ලබන හරිත අරණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපතිවරයා ඒ අවස්ථාවට සහභාගි විය.
එය සනිටුහන් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ප්‍රථමයෙන් ඒ භුමියේ පැලයක් රෝපණය කරනු ලැබීය.
වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් පොලොන්නරුව හබරණ අඩවියේ පිහිටි හබරණ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයට යාබදව අක්කර 250ක භූමියක පැල 80,000ක් සිටුවීමට මේ වැඩසටහන යටතේ සැලසුම් කරඇත.
මේ අවස්ථාවට මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය ඇමති අජිත් මාන්නප්පෙරුම, වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඩබ්ලිව්.ඒ.පී. වේරගොඩ, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඞ්.සී පෙරේරා, පොලොන්නරුව අතිරේක දිස්ත්‍රික් ලේකම් යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
(ක.ග. කරුණාරත්න)
![]() |
diary Read more... |