රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලය  සියවසට සැරසෙයි

2025 අප්‍රේල් මස 20 ප.ව. 10:03 - {{hitsCtrl.values.hits}}  

2017 වසරේ ජනවාරි මස එළඹිමට නියමිත වසර සියයක් වූ සිය අභිමානවත් සැමරුමට සූදානමින් රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යලය අලංකාරවත් පා ගමනක් සූදානම් කළේය.

සැම අංශයක්ම නියෝජනය කරන අති දක්ෂ සිසුවියන් පිරිසක් සිටින බාලිකා අංශය සහ  විද්‍යාලයේ ප්‍රාතමික අංශයේ බාලකයින් ද මේ සඳහා එක්කරගෙන තිබුණි.

ලැබූ ජයග්‍රහණ සනිටුහන් කරමින් ඒ ඒ අංශයේ සිසුවියන් පා ගමනින් ගමන් කළ අතර ක්‍රීඩා අංශයේ   ධාවන හා දුර පැනීමෙන්   පලාත් සහ සමස්ත ලංකා විද්‍යාලයට සුවිශේෂි ජයග්‍රහණ එක්කළ සංදිපා දෙවිමිණි සහ සිතාරා හේමමාලි කුරුප්පු යන සිසු දියණියන් අශ්වයින් පිට නංවා ගෞරවණියව පෙරහැරේ රැගෙන යාමට මෙහිදි කටයුතු කර තිබුණි.

සිසුන් 4400 ක් පමණ මෙම පා ගමනට එක්වූ අතර ගුරු මහත්ම මහත්මීන් 190 ක් පමණ  මේ සඳහා එක්ව සිටියේය.

විදුහල්පතිනි මර්සි ගලගම මහත්මියගේ උපදෙස් පරිදි  ආදි සිසුහු  මේ සදහා මූලිකත්වයක් ගෙන කටයුතු කළහ.

(විශ්ව ගැමුණු ප්‍රියංකර)

1 (2) 1 (4)1 (6) 1 (7) 1 (8) 1 (9) 1 (10) 1 (11) 1 (12) 1 (13) 1 (14) 1 (15) 1 (16) 1 (17) 1 (18) 1 (19) 1 (20) 1 (21) 1 (22) Principle

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...