රම්බා විහාරයෙන් ඉරියව්ව නිරූපිත සුවිශේෂී බුදු පිළිම ශීර්ෂයක් හමුවෙයි

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 09:07 - {{hitsCtrl.values.hits}}  

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් අම්බලන්තොට රම්බා විහාර පරිශ්‍රයේ සිදුකරන ලද කැණීම් තුළින් සුවිශේෂී බුදු පිළිම ශීර්ෂයක් ඇතුළු බුද්ධ ප්‍රතිමා කොටස් රැසක් හමුව තිබේ. මන්දස්මිත ඉරියව්ව නිරූපිත අදාළ බුදු පිළිම ශීර්ෂයේ ඇස්, මුව හා නාසය පැහැදිලිව දක්වා ඇති අතර, මටසිලුටු ලෙස නිමවා ඇති හිඳි පිළිමයක පාද කොටසක් යැයි අනුමාන කෙරෙන බුදු පිළිමයක පාද කොටසක්ද එහිදී හමුව තිබේ.

කැණීම්වලදී හමුව ඇති බුද්ධ ප්‍රතිමා අතර සුදු පැහැති ඝන පාෂාණයකින් නිමවා ඇති කුඩා හිඳි පිළිමයකි. එම ප්‍රතිමාවේ පාද පැතලිව ආසනයක් මත තැන්පත් කළ හැකි ආකාරයෙන් නිමවා ඇත. පිළිමයේ ශීර්ෂය කැඩී ඇති අතර, ශීර්ෂය හා සිරුර යකඩ ඇණයකින් සම්බන්ධ කර තිබෙනු දැකිය හැකි. ශීර්ෂය රහිතව මෙම පිළිමයේ උස සෙන්ටිමීටර 06ක් පමණ වන අතර, පළල සෙන්ටිමීටර 08ක් පමණ වේ.

මීට අමතරව නිකට හා දෙතොල මැනවින් ආරක්ෂා වී ඇති ප්‍රමාණයෙන් විශාල බුදු පිළිමයක මුහුණේ කොටසක්ද, මැටියෙන් හා හුණු බදාමයෙන් ඔපමට්ටම් කළ බුද්ධ ප්‍රතිමා හස්තයක වැලමිටෙන් ඉහළ උරහිසට සම්බන්ධ වන කොටසක්ද, ඉතා හොදින් පුළුස්සන ලද මැටියෙන් නිර්මාණය කර ඇති බුද්ධ ප්‍රතිමාවක හස්ත කොටස් ඇතුළු කුඩා කොටස්වලට කැඩුණු බුද්ධ ප්‍රතිමා කොටසක්ද හමුව තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල රම්බා විහාර ව්‍යාපෘතිය මඟින් මෙම පුරාවස්තු පිළිබඳ ඉදිරි අධ්‍යයනයන් සිදු කරනු ලැබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...