රාජ්‍ය වෙසක් උත්සවයට සමඟාමීව කුල දරුවන් 500ක් සසුන්ගත කෙරේ

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 12:59 - {{hitsCtrl.values.hits}}  

2017 වට්ටාරම රජමහා විහාරස්ථාපනයේ දී පැවැත්වීමට නියමිත රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව කුල දරුවන් 500ක් පැවැදි කිරීමට බුද්ධ ශාසන අමාත්‍යංශය කටයුතු යොදා ඇත. ඒ අනුව 2017 ජනවාරි මාසයේ සිට ඉදිරි මාස 06තුළ එම කුල දරුවන් පැවැදි කිරීම සිදු කෙරේ. එසේම මෙම කුල දරුවන්ගේ දෙමාපියන් හට නිවාස තනාදීමේ හා දඹදිව චාරිකා කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරෙන අතර බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් දෙමවුපියන් වෙත විශේෂ හැඳුනුම්පතක් නිකුත් කිරීමට ද කටයුතු කෙරේ. මෙසේ ලබාදෙන හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් ආරෝග්‍ය ශාලාවලින් නොමිලේ ඖෂධ ලබාගැනීම ආදී තවත් වරප්‍රසාද රැසක් හඳුන්වාදීමට නියමිතව ඇත.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...