රිය අනතුරුවලින් වාර්ෂිකව ජීවිත 2500ක් අහිමි වෙයි

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 02:53 - {{hitsCtrl.values.hits}}  

ලංකාවේ හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව පුද්ගල ජීවිත 2500ක් පමණ අහිමි වන බවත් ඉන් බහුතරයක් අවුරුදු 15-40ත් අතර රටේ ඵලදායි නිෂ්පාදක කණ්ඩායමට අයත් පුද්ගලයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.

සෞඛ්‍ය වෛද්‍ය කාර්යාංශයේ පැවැති මාර්ග අනතුරුවලට ලක්වූවන් ස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණයට එක්වෙමින් ඒ මහතා එසේ කීය. එමෙන් ම දෛනිකව රෝහල්ගත වන පුද්ගලයන් වැඩි ප්‍රමාණයකට මාර්ග අනතුරු හේතුවක් වන බවත් මාර්ග පද්ධතියේ ඇති සංඥා වැනි සරල කරුණු මෙන් ම මාර්ග භාවිතයේ දී වන වැරදි අවම කිරීම තුළින් රිය අනතුරු අවමකරගත හැකි බවත් පෙන්වා දුන්නේය.

අධික වේගය, මාර්ග සලකුණු පිළිනොපැදීම, නොසැලකිල්ල වැනි හේතූවන් මාර්ග අනතුරු සඳහා බලපාන කරුණු වුවත් අනතුරක් සිදු වූ වහාම නිවැරදි මූලික ප්‍රථමාධාර නොලැබීම සහ වැරදි ලෙස ප්‍රථමාධාර ලැබීම හා ප්‍රවාහනය හේතුවෙන් ද හදිසි අනතුරුවලට භාජනය වන පුද්ගලයින් මිය යාමට මූලිකව හේතු වන බව ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරීන් පුෂ්පා රම්‍යාණිද සොයිසා මෙනවිය පැවසුවාය.(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...