රුහුණු කතරගම වාර්ෂික පෙරහැරේ ආරාධනා පත්‍රය අගමැතිට පිළිගන්වයි

2025 අප්‍රේල් මස 21 පෙ.ව. 05:52 - {{hitsCtrl.values.hits}}  

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසැළ පෙරහැර මංගල්‍යය සඳහා වන සම්ප්‍රදායික අරාධනා පත්‍රය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙයි.

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය උත්සවය ජූලි මස 21 වන දින සිට අගෝස්තු මස 04 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර, ඊට අදාළ සම්ප්‍රදායික ආරධනා පත්‍රය රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් දිල්රුවන් රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) පෙරවරුවේ විජේරාම නිලනිවසේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

ජූලි මස 21 වැනි දින ආරම්භ කරන රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහැර අගෝස්තු 03 වන දින මහා පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව අගෝස්තු 04 වැනි දින අලුයම දියකපන මංගල්‍යය පැවැත්වීමෙන් අවසන් කිරීමට නියමිතය.

මෙවර රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල අනුගමනය කරමින් සම්ප්‍රදායික චාරිත්‍රවාරිත්‍ර හා පිළිවෙත් රකිමින් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති අතර පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් බැතිමතුන් සඳහා පෙරහැර නැරඹීමේ අවස්ථාව ලබා දී නොමැති බව පෙරහැර සංවිධායක කමිටුව පවසයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...