2025 අප්‍රේල් මස 22 පෙ.ව. 03:40 - {{hitsCtrl.values.hits}}
ගූගල් වෙතින් රේඩාර් තාක්ෂණය සහිත ජංගම දුරකථනයක් ඉදිරියේදී වෙළෙඳපොළට නිකුත් වීමට නියමිත නවතම ගූගල් ස්මාර්ට් ජංගම දුරකථනය අමෙරිකාවේදී හඳුන්වාදෙනු ලැබීය. පික්සෙල් ෆෝ ලෙස නම් කර ඇති මෙම දුරකථනය රේඩාර් සංවේදකයකින් ද සමන්විතය. මෙමඟින් දුරකථනයේ තිරය ස්පර්ශ කිරීමෙන් තොරව ගීත ධාවනය කිරීම වැනි විධාන ලබාදීමට පරිශීලකයාට අවස්ථාව සලසා ඇත. ඊට අමතරව ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ඡායාරූප ලබාගත හැකි කැමරාවක් හා වේගවත්ව ක්‍රියාත්මක විය හැකි ඩිජිටල් පෞද්ගලික සහායක පහසුකමක් ද මෙම නවතම දුරකථනයට ඇතුළත්ය. ගූගල් ආයතනය මීට වසර හතරකට පමණ පෙර විවිධ තාක්ෂණික උපාංග සංවර්ධනය කිරීම ඇරඹූ අතර කෘත්‍රිම බුද්ධිය උපාංගවලට හඳුන්වාදීම කෙරෙහි ද එහිදී විශේෂ අවධානයක් යොමුවිය. (රොයිටර් ඇසුරෙනි)
![]() |
diary Read more... |