ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තරිමලය බැබලේ

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 07:51 - {{hitsCtrl.values.hits}}  

පොසොන් සමයේ ඓතිහාසික තන්තිරිමලේ පුදුබිම තෙදිනක් රෑ පහන් වන තුරු විදුලි 40000කට අධික ප්‍රමාණයක විදුලි එළියෙන් ඒකාලෝක කෙරෙන ලංකාදීප ආලෝක පුජාව අද පස්වරුවේ සෙත් පිරිත් සජ්ගායනා මධ්‍යයේ  විවෘත කෙරිණ. විජය පුවත්පත් සමාගම මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ලංකාදීප පොසොන් ආලෝක පූජාව මෙවර පැවැත් වූයේ පහලොස්වැනි වරටය. ආලෝක පූජාවට සමගාමීව ධර්මදේශනා, කාව්‍ය ධර්මදේශනා, දහම් පාසල් සිසු දරු දැරියන් හට ශිෂ්‍යත්ව පිරිනැමීව ඇතුළු වැඩසටහන් ගණනාවක් සිදු කෙරිණ. විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන, උප සභාපති සුජාන් විජයවර්ධන, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන ප්‍රමුඛ නිලධාරින් රැසක් මේ අවස්ථාවට සම්බන්ධ වූහ. උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝණායක තන්තිරිමලේ විහාරාධිපති පුජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමියන්ගේ උපදෙස් පරිදි ආලෝක පූජාව පැවැත්වෙයි. මෙහි විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ජාතික රූපවාහිනියයි. 

ලංකාදීප සදහම් චාරිකාවත් මෙවර තන්තිරිමලේදී


විජය පුවත්පත් සමාගම විසින් මාසිකව සංවිධානය කෙරෙන ලංකාදීප සදහම් චාරිකා වැඩසටහන යටතේ මෙවර යුගාසන කාව්‍ය ධර්ම දේශනාව තන්තිරිමලේ විහාරස්ථානයේ පිහිටි අෂ්ඨඵල බෝධීන් වහන්සේ ඉදිරිපිට දී අද (27) පස්වරුවේ පැවැත්විණ. කොළඹ, සේදවත්ත නවලෝක විහාරාධිපති කිවිපති පන්නල ඥානාලෝක හිමියන් විසින් එහිදි ධර්ම දේශනයක් පවත්වනු ලැබිණි. නන් දෙසින් ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයට පැමිණ පෙහෙවස් සමාදන් වූ උවසු උවැසියෝ විශාල පිරිසක් ධර්ම ශ්‍රවණය සඳහා සහභාගී වූහ.

සටහන- හර්ෂණ තුෂාර සිල්වා - ඡායාරූප- ශාන්ත රත්නායක

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...