ලංකාවේ මත්ස්‍ය පරිභෝජනය වැඩි වෙලා

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 02:49 - {{hitsCtrl.values.hits}}  

මෙම වර්ෂයේ ඒකපුද්ගල මත්ස්‍ය පරිභෝජනය ඉහළ ගොස් තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් සිදුකරන ලද පර්යේෂණයකින් හෙළිදරවු වී තිබේ.

මේ අනුව මෙම වර්ෂයේ ගතවූ කාලය තුළ මෙරට දෛනික ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය ග්‍රෑ 46.7 දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය වර්ෂ හා සංසන්දනය කරන විට 2013 දී ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය දිනකට ග්‍රෑම් 41.3ක් හා 2014 වර්ෂයේදී ග්‍රෑම් 42.9කි. එමෙන්ම 2015 වර්ෂයේ එම මට්ටම ග්‍රෑම් 43.2කි.

මෙරට මත්ස්‍ය අස්වැන්න ඉහළයාම මෙන්ම බොහෝ පාරිභෝගිකයන් මස් අනුභවයට වඩා මත්ස්‍ය  පරිභෝජනයට නැඹුරු වී සිටීම මෙම වර්ෂයේ මත්ස්‍ය  පරිභෝජනය ඉහළයාමට හේතු වූ කරුණු අතර ප්‍රධාන වී තිබේ.

නිරෝෂා සෝමරත්න

how-to-whole-fish-2

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...