ලෝකයටම අලුත් මඩුවන් විශේෂ දෙකක් ලංකාවෙන්

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 01:46 - {{hitsCtrl.values.hits}}  

ලෝකයට අලුත් මඩුවන් විශේෂ දෙකක් ශ්‍රී ලංකා මුහුදු තීරය තුළින් හමුවී තිබේ. නාරා ආයතනය සහ නෝර්වේ රජය එක්ව ශ්‍රීලංකා මුහුදු තීරයේ සිදුකළ ගවේෂණයකදී මෙම නව මත්ස්‍ය විශේෂ සොයාගෙන ඇත.

මෙම විශේෂ ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයකින් මෙතෙක් සොයාගෙන නොමැති බවත්, මෙම විශේෂ ලෝකයට අලුත් මත්ස්‍ය විශේෂ වියහැකි අතර, තවදුරටත් මේ සම්බන්ධ පරීක්‍ෂණ සිදුකරන බවත් නාරා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ප්‍රභාත් ජයසිංහ මහතා %අද^ පුවත්පතට පැවසීය.

එම පරීක්‍ෂණ අවසන් වනතුරු මෙම මත්ස්‍යයන් නම්කිරීමක් නොකරන බවද හෙතෙම පවසා සිටියේය.

එමෙන්ම මෙමසමීක්‍ෂණය මගින්මෙතෙක් ශ්‍රී ලංකාව අවට මුහුදේ වාර්තා නොවුණු මත්ස්‍ය කීපයක් හඳුනාගැනීමටද එම ගවේෂණ කණ්ඩායම සමත්ව තිබේ.

මේ වනවිට ශ්‍රීලංකා මුහුදු තීරයේ ජලජ ජීවී සත්ත්ව විශේෂ 600ක්සිටින අතර,ඒ අතරින් මත්ස්‍ය විශේෂ 400කට වැඩි ප්‍රමාණයක් සිටින බවද අදාළ ගවේෂණයේදී කරුණු අනාවරණය කරගෙන තිබේ.

නෝර්වේ රජය සහ නාරා ආයතනය එක්ව මෙම සමීක්‍ෂණය සිදුකර ඇති අතර, එහි ගවේෂණ වාර්තාව පෙරේදා (28දා) ශ්‍රීලංකා පදනම් ආයතනයේදී එළිදැක්විණි.

මේ සඳහා ඉතා දියුණු තාක්‍ෂණිකඋපකරණවලින් සමන්විත ෆ්‍රිජට් නැන්සන් (FRIDTJOF NANSEN) නමැති නෞකාව යොදාගෙන ඇති අතර,ලෝක ආහාර හ කෘෂිකර්ම සංවිධානයයේ ආධාර මත ශ්‍රී ලංකාව වටා මුහුදේ සිදුකළ මෙම අධ්‍යයනයට නාරා ආයතනයේ විද්‍යාඥයන්,ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්,ධීවර අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළුනොර්වේ සාගර සහ ධීවර පිළිබඳ විද්‍යාඥවරු එක්ව තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...