2025 අප්‍රේල් මස 12 ප.ව. 01:39 - {{hitsCtrl.values.hits}}
ලෝකයේ වයස්ගතම මිනිසා වූ මසාසෝ නොනාකා ජීවිතක්ෂයට පත්ව තිබේ. ජපානයේ හොකාකිඩෝ දිවයිනේ පිහිටි ඔහුගේ නිවසේදී මසාසෝ මිය යන විට 113 වැනි වියේ පසුව තිබේ.
ඊයේ පෙරවරුවේ ඔහු සාමකාමිව මිය ගිය බව පවුලේ උදවිය ප්‍රකාශ කර තිබේ. 1905 ජූලි 25 උපන් මසාසෝ 1931 වසරේදී විවාහ දිවියට පත්ව තිබේ.
ඔහුට දරුවන් පස් දෙනෙක් සිටිති. මසාසෝ සුමෝ ක්‍රීඩාව නැරඹීමටත්, පැණි රස දෑ ආහාරට ගැනීමටත් රුචිකත්වයක් දැක්වූවෙකි.
ජපානය තුළ ඉහළ ආයු අපෙක්ෂාවක් පවතින අතර ලෝකයේ වැඩියෙන්ම ජීවත්වූ පුද්ගලයන්ගේ වාර්තා සඳහා හිමිකම් කියන්නේ ද ජපානනයි. 2013 වසරේදී ඒවකට ලෝකයේ ජීවත්වූ වයස්ගතම පුද්ගලයා වූ ජිරෝමෙන් කිමුරා මිය යන විට 116 වැනි වියේ පසුවිය.
![]() |
diary Read more... |