ලෝකයේ වයස්ගතම මිනිසා මිය යයි

2025 ජනවාරි මස 09 පෙ.ව. 10:24 - {{hitsCtrl.values.hits}}  

ලෝකයේ වයස්ගතම කාන්තාව (පුද්ගලයා) ජීවිතක්ෂයට පත්වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.  එමා මොරානෝ නැමැති මෙම කාන්තාව අවුරුදු 117දී ජීවිතක්ෂයට පත්ව තිබේ. 1899 නොවැම්බර් 29දා ඉතාලියේදී උපත ලබා ඇති එමා 1800 කාලසීමාවේදී උපත ලබා ජීවිත්ව සිටින බවට වාර්තා පැවැති එකම කාන්තාවද ඇය වූවාය.

ඇයට සිටි එකම පුත්‍රයාද ජීවිතක්ෂයට පත්ව ඇති අතර ලෝක යුද්ද දෙක පිළිබඳව අත්දැකීම් තිබේ.

ඇයගේ මවද අවුරුදු 91ක් තෙක් ජීවිත්ව සිටි ඇති අතර ඇයගේ සහෝදරියන්ස ශතවර්ශයක් පමණ ජීවත්ව තිබේ. සිය අවුරුදු 90දී පටන් දිනකට බිත්තර තුනක් ආහාරයට ගැනීමට පුරුදු වී ඇති මොරානෝ එයින් දෙකක් පිට පිටම ආහාරයට ගෙන තිබේ.

මේ වන විට ලෝකයේ ජීවත්ම සිටින වයස්ගතම කාන්තාව (පුද්ගලයා) බවට පත්ව ඇත්තේ 1900 මාර්තු 10 දා උපතලබා ඇති ජැමෙයිකාවේ වයලට් බ්‍රවුන්ය.

නිරෝෂා ප්‍රියදර්ශනී

_92712480_036636872-1 _95654960_3c4d1dea-c5d2-4f5d-9d96-5c6acb140f1d _95655456_51594375-2bbe-48d2-b478-0425f16a2884 violeta20100304sg_2

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...