ලෝකයේ විශාලම සාගරික අභ්‍යාසයට ලංකාව එක්වෙයි

2024 නොවැම්බර් මස 19 ප.ව. 04:15 - {{hitsCtrl.values.hits}}  

ලෝකයේ විශාලම සාගර අභ්‍යාසය වශයෙන් සැලකෙන රිම් ඔෆ් ද පැසිෆික් (RIMPAC) අභ්‍යාසය  සඳහා ප්‍රථමවරට ශ්‍රී ලංකාව එක්වන බව අමෙරිකාවේ ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය සඳහන් කරයි.

ඇමෙරිකාව විසින් සංවිධානය කරනු ලබන මෙම සාගර අභ්‍යාසය ජුනි 27 වැනිදා සිට අගෝස්තු 02 වැනිදා තෙක් හවායි දූපත්වල හා දකුණු කැලිෆෝනියාවේදී පැවැත්වෙයි.

අභ්‍යාසය සඳහා රටවල් 26ක් එක්වන අතර, එයට නැව් 47ක්, සබ්මැරීන් 05ක්, රටවල් 18ක සංග්‍රාමික හමුදා, ගුවන් යානා 200කට අධික ප්‍රමාණයක් සහ පුද්ගලයන් 25,000ක් එක්වන බවද පෙන්ටගනය සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවට අමතරව බ්‍රසීලය, ඊශ්‍රායලයහාවියට්නාමයප්‍රථමවරටමෙමඅභ්‍යාසයසඳහාඑක්වඇත.

ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව, බෘනායි, කැනඩා, චිලී, කොලොම්බියා, ජර්මනිය, ඉන්දුනීසියාව, ජපානය, මලයාසියාව, ප්‍රංශය, මෙක්සිකෝව, නෙදර්ලන්තය, නවසීලන්තය, පේරු, දකුණුකොරියාව, පිලිපීනය, සිංගප්පූරුව, තාලියලන්තය, ඉන්දියාව, ටොංගෝව හා එක්සත් රාජධානිය යන රටවල් මෙම අභ්‍යාසයට එක්ව තිබේ.

මෙම අභ්‍යාසය 1971 වසරේදී පටන් සිදුකරගෙන යයි.

නි ෙරා්ෂා ප්‍රියදර්ශනී

 

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...