ලෝක පරිත්‍යාගශීලී දර්ශකයේ ශ්‍රී ලංකාවට 5 තැන

2025 ජනවාරි මස 10 ප.ව. 05:50 - {{hitsCtrl.values.hits}}  

ලෝක පරිත්‍යාගශීලීනගේ දර්ශකයේ තවදුරටත් ඉදිරියට පැමිණෙමින් රටවල් 140ක් අතරින් ශ්‍රී ලංකාව 2016 වසරෙදී පස්වැනි ස්ථානයට පත්ව තිබේ. 2015 වසරේදී ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ අට වැනි ස්ථානයයි.

2014 වසරේදී නව වැනි ස්ථානයත්, 2013 වසරේදී 10 වැනි ස්ථානයත් ශ්‍රී ලංකාව හිමිකරගෙන තිබුණි. එංගලන්තයේ Charities Aid Foundation පදනම වාර්ශිකව මෙම දර්ශකය ගණනය කරනු ලබයි.

අනෙකාට උදව් කිරිම, මුදල් පරිත්‍යාග කිරීම, සංවිධාන සඳහා ස්වෙච්ඡාවෙන් කටයුතු කිරීම යන මූලික කරුණු පදනම් කරගනිමින් මෙම දර්ශකය ගණනය කරනු ලබයි.

අඛණ්ඩව වසර තුනක්ම ලෝකයේ පරිත්‍යාගශිලිම රට ලෙස මියන්මාරය පත්ව තිබේ. අමෙරිකාව දෙවැනි ස්ථානයටත්, ඔස්ට්‍රේලියාව තෙවැන් ස්ථානයට පත්ව තිබේ.අප්‍රිකානු මහාද්විපයේ පරිත්‍යාගශීලීම රට ලෙස කෙන්යාවත්, යුරෝපයේ ප්‍රථමස්ථානය එංගලන්තයත් පත්ව තිබේ.

ලෝකයේ පරිත්‍යාගශීලිම රටවල් 10

01. මියන්මාරය, 02. ඇමෙරිකාව, 03. ඔස්ට්‍රේලියාව, 04. නවසීලන්තය, 05.ශ්‍රී ලංකාව, 06. කැනඩාව, 07ඉන්දුනීසියාව, 08. එංගලන්තය, 09. අයර්ලන්තය, 10 එක්සත් ආරාබි එමීර් රාජ්‍යය

නිරෝෂා ප්‍රියදර්ශනි

Capture

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...