වකුගඩු ආරක්ෂා කර ගන්න හැකි තරම් ජලය පානය කරන්න

2025 අප්‍රේල් මස 21 ප.ව. 04:40 - {{hitsCtrl.values.hits}}  

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා වැඩිහිටි පුද්ගලයෙකු දිනකට ජලය ලීටර හයකට ආසන්න ප්‍රමාණයක් පානය කරන ලෙස වකුගඩු රෝග පිළිබඳ දේශීය පරීක්ෂණ කණ්ඩායමේ සාමාජික මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉල්ලා සිටියි.

ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකළහොත් වකුගඩුවලට බලපෑම් සිදුවිය හැකි බවත් මීට අමතරව සමටත් බලපෑම් එල්ල විය හැකි බවත් මහාචාර්යවරයා පවසා සිටියේය.

මීට අමතරව උදේ 10.00ත් - සවස 03.00ත් අතර කාලයේදී හැකිතාක් විවේකීව සිටින ලෙසත්, දහවල් කාලයේදී ගමන් බිමන් යාමේදී කුඩයක් හෝ හිස්වැසුමක් භාවිතා කරන ලෙසද පවසා සිටියේය.

හැකි තරම් තැඹිලි භාවිතා කරන ලෙසත්, කොමඩු හා වැටකොළු, පිපිඤ්ඤා වැනි දිය එළවළු භාවිතා කරන ලෙසද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...