වවුනියාව මඩුකන්ද ජාතික පාසලේ දරුවන්ගේ සිහින සැබෑ වෙයි

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 10:51 - {{hitsCtrl.values.hits}}  

වවුනියාව, මඩුකන්ද ජාතික පාසලේ දරුවන් ඊවේ (22) දහවල් ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු වූහ.

ඒ ජනාධිපතිතුමාගෙන් ලැබුණු ආරාධනාවක් පරිදිය.

පසුගියදා ජනාධිපතිතුමා වවුනියාවේ, බෝගස්වැව ප‍්‍රදේශයේ සිදුකළ සංචාරයකදී වවුනියාව මඩුකන්ද ජාතික පාසලේ තාරිකා මිහිරංගි දැරිය ජනාධිපතිතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කළාය.

ඒ තම පාසලේ පවතින අඩු පාඩු පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසයි.

කෙතරම් වැඩ රාජකාරී අතරතුර වුවද එම දැරියගේ ඉල්ලීම ජනාධිපතිතුමාගේ සිතින් බැහැර නොවූ අතර ඉන් දින දෙකකට පසුව ජනාධිපති කාර්යාලයෙන් මඩුකන්ද ජාතික පාසලට දූරකතන ඇමතුමක් ලැබුණේ ජනාධිපති මන්දිරය නැරඹීමට පැමිණෙන ලෙස එම දරුවන්ට ආරාධනා කරමිනි.

ඒ අනුව ඊයේ දහවල් ජනාධිපති මන්දිරය වෙත පැමිණි සිසු දරුවෝ ජනාධිපතිතුමා විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත්තේය.

ජනාධිපති මන්දිරය ද දැක බලා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සමග සුහද කතා බහකට එක් වූ සිසු දරුවන් තම පාසලේ අඩු පාඩු කිහිපයක් පිළිබඳව ද ජනාධිපතිතුමා දැනුවත් කළහ.

පානීය ජල පහසුකම් ලබා ගැනීම, නව විද්‍යාගාරයක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඒ අතර විය.

එම ඉල්ලීම් පිළිබඳව කඩිනම් අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳ අදාළ අංශ දැනුවත් කළා පමණක් නොව ලබන මාසයේදී මඩුකන්ද ජාතික පාසලේ නිරික්ෂණ චාරිකාවකට එක්වන බවට ද දරුවන්ට පොරොන්දු විය.

සිසු දරුවන් වෙනුවෙන් දිවා ආහාරය ද ජනාධිපති මන්දිරයේ සූදානම්ව තිබූ අතර ජනාධිපතිතුමා ද ඔවුන් සමඟ දිවා ආහාරය සඳහා එක් විය.

කෙතරම් රාජකාරී බහුල තත්ත්වයක වුවද තමන්ට මෙම අවස්ථාව ලබාදීම පිළිබඳ සතුට පළ කළ සිසු දරුවෝ තම සිහින සැබෑ වීම පිළිබඳ අපමණ සතුටකින් යුතුව ජනාධිපති මන්දිරයෙන් නික්ම යනු දක්නට ලැබිණි.(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

13781989_10154218610946327_3920901369567531842_n 13781884_10154218612621327_7082666601671416794_n 13754546_10154218614556327_6017447787191984059_n 13754380_10154218625841327_8125674312129439225_n 13754380_10154218625841327_8125674312129439225_n 13709853_10154218609446327_5750551417145398386_n 13726797_10154218619941327_765341166652076264_n

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...