වසරකට ලංකාවේ සර්ප දෂ්ට කිරිම් 80000ක්

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 09:55 - {{hitsCtrl.values.hits}}  

වසරකට ශ්‍රී ලංකාවෙන් සර්ප දෂ්ට කිරීම් අසූදහසක් පමණ වාර්තා වන බව උරග හා උභය ජීවී විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා සිය වාර්තා මගින් පෙන්වා දෙයි.

ඒ අතරින් සර්ප විෂ නිසා සිදුවන මරණ සංඛ්‍යාව හාරසියයක් බවද ඒ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ සර්ප විශේෂ 105ක් හඳුනා ගෙන ඇති අතර, ඉන් 23ක් උග්‍ර විෂ සහිත බවත්, එයින් සර්ප විශේෂ 15ක් මුහුදේ හා සර්ප විශේෂ 08ක් ගොඩබිම ජීවත්වන බවත් අදාළ වර්තාවල දැක්වේ.

ඒ අතරින් ගොඩබිම වෙසෙන කුනකටුවා උග්‍ර විෂ සහිත සර්ප විශේෂයකි. නාගයා, තිත් පොළඟා, වැලි පොළඟා සහ කරවලා වැනි සර්පයන් විෂ සහිත සර්ප විශේෂය. එහෙත් දෙපත් කළුවා විෂ සහිතද රහිතද යන්න පිළිබඳ තවමත් සොයාගෙන නොමැත.

ලොව පුරා උග්‍ර විෂ සහිත සර්ප දෂ්ට කිරීම් සම්බන්ධයෙන් ලැබෙන වාර්තාවලින් 70෴ක්ම සිදුවන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය සහ පකිස්තානයේ බව සර්ප ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරුණ සමීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

දැනට ලැබී ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව වසරකට ලොව පුරා සර්ප දෂ්ට කිරීම් පනස් ලක්‍ෂයක් පමණ වාර්තා වන අතර, එමගින් සිදුවන මරණ සංඛ්‍යාව 138,000ක් පමණ වේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...