වසරකට සිසුන් 5000කට සරසවි වරම් අහිමි වෙයි

2025 ජනවාරි මස 10 පෙ.ව. 07:56 - {{hitsCtrl.values.hits}}  

රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි ඇති විද්‍යා පීඨ 11 ට සිසුන් 20 700 ක් බඳවා ගත හැකි වුවත් 2010 සිට 2015 දක්වා වසර 6 ක කාලය තුළ සෑම වසරකම බඳවා ගෙන ඇත්තේ සිසුන් 15 000 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ වැඩ බලන සභාපති මහාචාර්ය අරුණ කුමාර මහතා ප‍්‍රකාශ කරයි.මේ අනුව  සෑම වසරකම සිසුන් 5000 කට අධික පිරිසකට අවස්ථා අහිමි වන බව ද හෙතෙම කියයි.

එසේ තිබියදිත් පාසල්වල විද්‍යා විෂය උගන්වන ගුරුවරුන්ගේ බරපතල හිඟයක් පවතින බවත් මේ වනවිට සමහර පාසැල්වල විද්‍යා විෂය ඉගැන්වීමට ගුරුවරුන් නොමැති වීමෙන් විද්‍යා අංශ වසා දැමීමේ තත්ත්වයක් මතු වී තිබෙන බවත් මහාචාර්යවරයා පවසයි. ඒ මහතා මේ අදහස් පළ කළේ කොළඹ විශ්ව විද්‍යාලයේ පීඨ සමාජ ශාලාවේ අද (15) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

ලංකාදීප ඇසුරිනි (විනීතා එම් ගමගේ) 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...