2025 ජනවාරි මස 11 ප.ව. 02:27 - {{hitsCtrl.values.hits}}
විජය පුවත්පත් සමාගම විසින් ප්‍රකාශයට පත් කරනු ලබන විජය පුවත්පතේ සහෝදර පුවත්පත වන විජායි ළමා පුවත්පත දමිළ මාධ්‍ය දරුවන්ගේ දැනුම, කුසලතා ආකල්ප පෝෂණය කිරීම වෙනුවෙන් උපාහාර උළෙලක් කාන්තන්කුඩි ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ශ්‍රවනාගාරයේ දී කාන්තන්කුඩි ප්‍රාදේශිය ලේකම් රූත්රන් උදයශ්රීධර් මහතාගේ හා ප්‍රදේශයේ ප්‍රභූන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. කානතන්කුඩි එෆ්.එම් මාධ්‍ය සංන්ධානය එහි සභාපති එම්.එම්.මජිත් මහතාගේ මෙහෙයවීමෙන් උත්සවය සංවිධානය කර තිබිණ. විජායි පුවත්පතේ ප්‍රධාන කර්තෘ වි.රෙඩ්ලි හැරිසන් මහතාට කාන්තන්කුඩි ප්‍රාදේශිය ලේකම් විසින් උපහාර සළුව දමා සම්මාන උපහාරය ප්රදානය කෙරිණ. මේ අවස්ථාවට කාන්තන්කුඩි ප්‍රාදේශීය සභා, නගර සභා නියෝජිතයින්, අධ්‍යාපනඥයින් ඇතුළු විශාල පිරිසක් එක්විණ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |