විද්‍යාපීඨ සඳහා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය ඉහළ නැංවීමට පියවර

2025 ජනවාරි මස 10 ප.ව. 08:53 - {{hitsCtrl.values.hits}}  

විද්‍යාපීඨ සඳහා බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ. පාසල් තුළ පවතින ගුරු පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙම පියවර ගෙන තිබේ. මේ යටතේ පීඨ සිසුන් 4775 ක් බඳවා ගැනීමට පියවර ගෙන ඇත. 

වාර්ෂිකව දිවයින පුරා පාසල්වලින් ගුරු පුරප්පාඩු 8000කට අධික ප්‍රමාණයක් ඇති වන අතර එයට පිළියමක් වශයෙන් මෙම පියවර ගෙන තිබේ. මෙවර විද්‍යාපීඨ සඳහා සිසුන් බඳවා ගැනීමේදී තාක්ෂණ විෂය ධාරාව හැදෑරූ සිසුන් සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...