විදුලිය පරිස්සමින් භාවිත කරන්න යෝජනා

2025 අප්‍රේල් මස 22 ප.ව. 09:23 - {{hitsCtrl.values.hits}}  

දැනට පවතින විදුලි හිඟයට මුහුණ දිම සඳහා වන යෝජනා 4කට කැබිනට් අනුමැතිය ලැබී ඇත. විදුලි බල හා බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඉදිරි මාස තුනක කාලය තුළ නිවෙස් තුළ ඇති අනවශ්‍ය විදුලි පහන් දෙකක් නිවා දැමීම, රාජ්‍ය ආයතන, ආගමික හා වාණිජ ස්ථාවනල විදුලි පරිභෝජනය 10%කින් අඩු කිරීම අනවශ්‍ය වීදි පහන් නිවා දැමීම හා සාමානය්‍ය දිනවලදී විදුලි පහන් නිවීම සිදුකරන වෙලාවට පැයකට ප්‍රථමව විදුලි පහන් නිවාදැමීම මෙම යෝජා වෙයි.

එසේම මෙම ක්‍රියාමාර්ග පිළිබඳව මහජනතාව හා ආයතන දැනුවත් කිරීමටද රජය අපේක්ෂා කරයි.

මේ වන විට පවතින වියළි කාලගුණය හේතුවෙන් දිවයින පරා විදුලි කප්පාදුවක් සිදුකරමින් පවතී. විදුලි නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වන තෙක් ඉතා අරපිරිමැස්මෙන් යුතුව විදුලි පාරිභෝජනය සිදු කිරීම  මගින් සැලකිය යුතු විදුලි බලයක් ඉතිරි කර ගැනීමටද අවස්ථාවක් තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...