විදුහල්පති දීමනා ඉහළට

2024 ඔක්තෝබර් මස 06 ප.ව. 10:55 - {{hitsCtrl.values.hits}}  

විදුහල්පතිවරුන් සඳහා ලබාදුන් දීමනාව ඉහල නැංවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබේ. ඒ අනුව 1AB පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ලබාදුන් රු. 750 දීමනාව රු. 6,500 දක්වා වැඩි කර තිබේ. 1C පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ලබාදුන් රු. 600 දීමනාව රු. 4,000 දක්වා වැඩිකර තිබේ.

2 වර්ගයේ පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ලබාදුන් රු. 450 දීමනාව රු. 3,000 දක්වා ඉහළ නංවා ඇත. 3 වර්ගයේ පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ලබාදුන් රු. 300 දීමනාව රු. 2,500 දක්වා ඉහළ නංවා ඇත.

මේ අතර ධර්මාචාර්ය ගුරු සහයකයින්, වතු පාසල්වල හා  උතුරු නැගෙනහිර පළාත්වල ගුරු සහයකයින් සඳහා වන රු. 6,000 ක් වන දීමනාව රු. 10,000 දක්වා ඉහළ දමා තිබේ.

සියලුම පාසල්වල පවතින ගුරු හිඟය හා ගුරුවරුන්ගේ ගැටළු සඳහා ද විසඳුම් ලබාදීමට කටයුතු යොදා තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (08) උදෑසන පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවැසීය.

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed copy

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...