විභාග කොමසාරිස් ඉවතට

2025 ජනවාරි මස 11 පෙ.ව. 01:27 - {{hitsCtrl.values.hits}}  

විභාග කොමසාරිස් ජනරාල් ඩම්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා තනතුරෙන් ඉවත් කර තිබේ. ඔහු අධ්‍යාපන අමාත්‍යංශයට මාරු කළ බව අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. ඉකුත් දිනවල විභාග වංචා හා අක්‍රමිකතා රැසක් වාර්තා විය. ඒ පිළිබඳව පැවැත්වූ පරීක්ෂණවලින් පසු රහස්‍ය අංශයේ ප්‍රධානියාගේද වැඩතහනම් කරනු ලැබීය. මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයාද වග කිව යුතු බවට චෝදනා එල්ල වී තිබිණි. ඒ අනුව පැවැත්වූ පරීක්ෂණයේ නියමයන් අනුව කොමසාරිස්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අද ඉවත් කර තිබේ. විභාග වංචා සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව වෙත ඒල්ලවන චෝදනා විමර්ශනය නිසා ඔහු විසින්ද ස්ථානමාරුවක් ඉල්ලා අමාත්‍යාංශය වෙත්න් ඉල්ලා තිබෙන බවත් වාර්තාවේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...