වියළි කාලගුණයෙන් 2,10,000ක් පීඩාවට

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 10:47 - {{hitsCtrl.values.hits}}  

වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින පුද්ගලයන් ප්‍රමාණය දෙලක්ෂ දසදහස දක්වා ඉහළ ගොස් තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (02දා) නිකුත් කළ දෛනික වාර්තාවට අනුව මේ වන විට  දිස්ත්‍රික්ක 07ක පවුල් 51,561 කට අයත් පුද්ගලයන් 208,107 ක් පීඩාවට පත්ව සිටින බව පෙන්වා දී ඇත.

පසුගිය 25 වැනි දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ දෛනික වාර්තාවට අනුව වියළි කාලගුණ තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටියේ දිස්ත්‍රික්ක දෙකකට අයත් පවුල් 9,997 කට අයත් පුද්ගලයන් 34,809 ක් පමණි.

එහෙත් දින 07 කාලයක් ගත වනවිට දිස්ත්‍රික්ක ප්‍රමාණය 07 දක්වා ඉහළ ගොස් පවුල් 51,561 කට අයත් පුද්ගලයන් දෙලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

මේ හේතුවෙන් ජනතාවට පානීය ජලය අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම සඳහා දැඩි දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුව තිබෙන බවද වාර්තා වේ. මීට අමතරව ජනතාවගේ වගා භූමි විනාශ වී යාමේ තත්ත්වයකට පත්ව තිබෙන බව ගොවි සංවිධාන සඳහන් කරන අතර වන සතුන් පානීය ජලය සොයා ගැනීමේදී දුෂ්කර වී තිබෙන බව පරිසර සංවිධාන සඳහන් කරයි.

වියළි කාලගුණ තත්ත්වය නිසා විපතට පත් ජනතාව වෙනුවෙන් ලබාදී ඇති සහන පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතාගෙන් විමසීමේ දී ඔහු සඳහන් කළේ වියළි කාලගුණ තත්ත්වය නිසා ජනතාව පානීය ජල ගැටලුවකට මුහුණදී සිටින බවය.

මේ නිසා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල එක්ව බවුසර මගින් ජලය බෙදාහැරීමේ විධිමත් වැඩපිළිවෙළක් මෙම දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක බවද පවසා සිටියේය.පැය 24 පුරාම අදාළ වැඩපිළිවෙළ දියත් කරන බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත මුදාහැර තිබෙන බවද සඳහන් කළේය. වගා හානි පිළිබඳව තවමත් වාර්තා වී නොමැති බවත්, මීට අමතරව ආහාර හිඟකම පිළිබඳවත් වාර්තා වී නොමැති බවද ඔහු පවසා සිටියේය.

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 3,867 කට අයත් පුද්ගලයන් 12,677 ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 16,591 කට අයත් පුද්ගලයන් 57,001 ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 23,187 කට අයත් පුද්ගලයන් 110,352 ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 2,617 කට අයත් පුද්ගලයන් 8,422 ක්, වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 938 කට අයත් පුද්ගලයන් 8,661 ක්, රත්තපුර දිස්ත්‍රික්කයේ පවුල් 2,845 කට අයත් පුද්ගලයන් 10,994 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය  සඳහන් කරයි.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...