2025 අප්‍රේල් මස 21 ප.ව. 07:50 - {{hitsCtrl.values.hits}}
මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා පවුල් 55,846 කට අයත් පුද්ගලයන් 236,556 ක් ආපදාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා අද (11) පැවසීය.
මෙම පුද්ගලයන් උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලට අයත් අනුරාධපුර, පුත්තලම සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් ට අයත් පුද්ගලයන් බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. පීඩාවට පත් ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ලීම සඳහා බවුසර් මගින් ජලය බෙදාහැරීමේ කටයුතු සිදුකරන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය
(දසුන් රාජපක්ෂ )
![]() |
diary Read more... |