විශ්වාසභංගයෙන් අගමැතිට ජය

2024 නොවැම්බර් මස 19 ප.ව. 08:07 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ අග්‍රාමත්‍යවරයකුට එරෙහිව තෙවැනිවරට ඉදරිපත් වූ විශ්වාසභංග යෝජනවා ලෙස වත්මන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එනු ලැබූ විශ්වාස භංග යොජනාව අද (04) වැඩි ඡන්ද  46කින් පරාජයට පත් විය. විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්ද  76  ලැබුණු අතර විරුද්ධව ඡන්ද 122 ලැබිණි. ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරු 26ක් සභා ගැබේ නොසිටියහ. එස්. බී. දිසානායක, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි, අනුර ප්‍රියදර්ශන යාපා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තිලංග සුමතිපාල, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් යෝජනාවට පක්ෂව ඡන්දය දුන්හ.

අතුරලියේ රතන හිමි, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, පියසේන ගමගේ, ආරුමුගම් තොන්ඩමන්, වීරකුමාර දිසානායක, එම්. එල්. එම්. හිස්බුල්ලා, ඒ. එච් .එම් ෆවුසි, ලසන්ත අලගියවන්න ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ඡන්ද විමසන අවස්ථාවේ සභාවේ නොසිටිය. ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අතර දෙමළ ජාතික සන්ධානය එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ විවාදයට ගැණුනු 47 වැනි යෝජනාව මෙයයි.  මීට අමතරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ නමුත් විවාදයට භාජනය නොවූ විශ්වාසභංග යෝජනාවන්ද රැසක් තිබේ. 

-------------------------------------------------------------------------------------------------------------------------------------------

අග්‍රමාත්‍යවරයකුට එරෙහිව

පළමු වරට

1957.09.04. අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වීඇත. පාර්ලිමේන්තුවේ කථානායකවරයා වූයේ එච්.එස්. ස්මයිල් මහතාය. පාර්ලිමේන්තු මන්ත්‍රී සී. සුන්දරලිංගම් මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව සී. වන්නිසිංහම් මන්ත්‍රීවරයා විසින් ස්ථිර කර ඇත. යෝජනාව පරාජයට පත්ව ඇත්තේ පක්ෂව එක් (1) ඡන්දයක් පමණක් ලැබිමෙනි. විරුද්ධව ඡන්ද 45ක් ලැබි ඇත. විශේෂත්වය වන්නේ යෝජකයා හෝ ස්ථිර කළ පුද්ගලයා හෝ දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් ඡන්දය දී තිබිමය.

දෙවැනි වරට
1975.12.23 දින අගමැතිනිය වශයෙන් කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය (ලොව ප්‍රථම කාන්තා අගමැතිනිය) වෙත විශ්වාස භංග යෝජනාවක් ඉදරිපත් වී ඇත. මෙහිදි කථානායකවරයා වශයෙන් කටයුතු කර ඇත්තේ  ස්ටැන්ලි තිලකරත්නය මහතාය. ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා. විසින් යෝජනව ඉදරිපත් කර ඇති අතර ප්‍රින්ස් ගුණසේකර මන්ත්‍රීවරයා විසින් යෝජනාව ස්ථිර කර ඇත. ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව  මන්ත්‍රීවරුන් 43 දෙනෙක් ද, විරුද්ධව 100ක් හා එක් අයෙක් ඡන්දය දීමෙන් වැළකී හිඳ යෝජනාව  පරාජය වී ඇත්තේය.

කථානායකවරුන්ට විරුද්ධව ඉදරිපත් වී ඇති  විශ්වාස භංගයෝජනා

  • ආර්.එස්.පැල්‍පොල (1963)
  • ෂර්ලි කොරයා (1966)
  • එම්.ඒ.බාකීර් මාකර් (1980)
  • එම්.එච්. මොහොමඩ් කථානායකවරයාට 1991 සහ 1992 යන වර්ෂ දෙකෙහි විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වී ඇත. කථානායකවරයකුට දෙවරක් විශ්වාසභංගයන්ට මුහුණ දීමට සිදු වී ඇත. 

විපක්ෂ නායකවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනා

1981.07.23 දින ඒ. අමුර්තලිංගම්ය මහතාට ඉදිරිපත්වූ වූ විශ්වාසභංග යෝජනාව  පක්ෂව ඡන්ද 121ක් හා දෙදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිට ඇත. විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම නිසා අමිර්තලිංගම් මහතාට විපක්ෂනායක ධුරය අහිමි වී ඇත. 

ප්‍රතික්ෂේප කළ විශ්වාස භංග

කථානායකවරයාට භාරදෙනු ලබන විශ්වාසභංග ප්‍රතික්ෂේප කිරීමටද කථානායකවරයාට හැකියාව ඇත.

  • 1981.08.04 දින රජයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව
  • 1983.08.09 දිනද රජයට ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව
  • 1991.10.09 දින ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අවලංගු (lapsed) වී ඇත. 

විශ්වාසභංග යෝජනාවක් යනු.....

නිල වශයෙන් රජය කෙරෙහි හෝ අගමැතිවරයෙක් කෙරෙහි හෝ කථානායකවරයෙක් කෙරෙහි හෝ වෙනයම් රජයේ අමාත්‍යවරයෙක් කෙරෙහි හෝ රටේ ප්‍රජාවට විශ්වාසයක් නැති බව සැඟවීමට පාර්ලිමේන්තු නියෝජිතයින් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ යෝජනාවයි.

විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා කිසියම්  පිළිවෙළ ඇති බවට ලිඛිත නීති රීති සඳහන් නොවේ. සම්ප්‍රදාය ක්‍රමයන්  ලෙස පෙර ආ ක්‍රමවේද අනුගමනය කරමින් මෙකී යෝජනවාව ඉදිරිපත්වේ. යෝජනාවක් ගෙන ඒමා සඳහා මෙතරම් ප්‍රමාණයක් අත්සන් කර තිබිය යුතු බවට නීතියක් හෝ රීතියක් ද නොමැත. යෝජනාවක් ඉදිරිපත් වූ පසුව එම යෝජනාව පාර්ලිමේන්තු සම්ප්‍රදායේ පවත්නා රීතින්ට අනුකූලව ඇති නම් කථානායකවරයා  විසින් විශ්වාසභංග යෝජනාව පිළිගනු ලැබීම සාමන්‍ය ක්‍රමවේදයයි.

කතානායකවරයා යෝජනාව භාරගත් පසුව පාර්ලිමේන්තු මහ‍ලේකම්වරයාට දින නියමයක් නොමැති, ස්ථාවර නියෝග 23(3) ප්‍රකාරව යෝජනාවක් ලෙස පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ත්‍රිභාෂාවෙන්ම ඇතුළත් කිරීම යොමුකරයි. යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කිසිදු නියෝගයක් කළහොත් මිස දැනුම් දෙන ලද දින සිට සම්පූර්ණ දින 05ක් ඉකුත් වන තෙක් යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුළත් කර විවාදයට ද ගත නොහැකිය.

කථානායකවරයාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව රැස්වී යෝජනාව විවාදයට ගැනීම පිළිබඳව හා දින නියම කර ගැනීම සඳහා මෙන්ම ඡන්ද විමසීමටද  දින හෝ දිනයන් තීරණය කරනු ලබයි. තීරණයෙන් පසුව න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති යෝජනාව නියමකළ දිනයේ දී විවාදයට ගෙන ඡන්දය විමසනු ලැබේ. 

නමුත් පාර්ලිමේන්තුවට යම් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ පසුව පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළහොත් එම යෝජනාව පාර්ලිමේන්තුව න්‍යාය පුස්තකයේ ඇතුළත්ව තිබුණද යෝජනාව අහෝසි වේ. ඉදිරි සැසි වාරයේ නැවත ඉදිරිපත් කිරීමේ හැකියාව ද පවතී. 

ලොව විශ්වාස භංග

විශ්වාසභංග වීමේ චෝදනාවට ලක්වු පළමු තැනැත්තා වන්නේ 13 වැනි සියවසේ බ්‍රිතාන්‍ය බැරැන්වරයකු වූ විලියම් ලැට්මියෂ්ය. විශ්වාස භංගයිකින් තනතුර අහිමි වූ ප්‍රථම අගමැතිවරයා වන්නේ වෙස්ට් මිනිස්ටර් සම්ප්‍රදායේ කටයුතු කළ අගැමැතිවරයකු වූ රොබට් වොලේපාල් මහතාය ඒ 1742 වසරේදීය. මහා බ්‍රිතාන්‍යෙය් විශ්වාසභංග පරාජය වූ අගමැතිවරුන් 12කි සිටී. ලෝක බලවතා ලෙස සැලකෙන ඇමරිකාවේ ජනපති රිචඩ් නික්සන් මහතාට එල්ල වූ අපකිර්තිමත් සිද්ධියක් ලෙස සැලකෙන වෝටර්ගේට් සිද්ධිය නිසා  ඉල්ලා අස් වී ගෙදර ගොස් ඇත.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...