විශ්ව විද්‍යාල 8ක පහසුකම් ඉහළ දැමීමට සැලසුම්

2025 අප්‍රේල් මස 21 ප.ව. 07:53 - {{hitsCtrl.values.hits}}  

ලබන වසරේ සිට විශ්වවිද්‍යාල අටකට බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා විශ්වවිද්‍යාල පහසුකම් ඉහළ දැමීමට රජය සැලසුම් කර තිබේ.

මේ අනුව 2020 සිට 2022 වසර දක්වා කාලය තුළ මධ්‍යකාලීන වැඩපිළිවෙළක් ලෙස මෙම විශ්වවිද්‍යාල අටේ ගොඩනැගිලි පහසුකම් හා ශිෂ්‍යයන්ට අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබාදීම සඳහා ව්‍යාපෘති සිදු කිරීමට නියමිතය.

මේ අනුව ශ්‍රී ජයවර්ධනපුර, වයඹ, රුහුණු, කොළඹ, සබරගමුව, පේරාදෙණිය, මොරටුව හා ශ්‍රී ලංකා භික්ෂු විද්‍යාලයේ පහසුකම් ඉහළ දැමීමට සැලසුම් කර තිබේ.

පහසුකම් ඉහළ දැමීමට සමගාමීව දැනට එම විශ්වවිද්‍යාලවලට බඳවාගන්නා ශිෂ්‍ය ප්‍රමාණය 20%කින් ඉහළ දැමීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.(ada.lk)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...