විශාලතම රේඩියෝ දුරේක්ෂය දියත් කිරීමට රුසියාවේ සූදානමක්

2025 අප්‍රේල් මස 12 ප.ව. 01:34 - {{hitsCtrl.values.hits}}  

රුසියාව විසින් එතෙක් මෙතෙක් අභ්‍යවකාශ ගත කරන විශාලතම රේඩියෝ දුරේක්ෂයේ සැලසුම් කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතින බව වාර්තා වෙයි.Millimetronහෙවත් Spektr-M ලෙස මෙම දුරේක්ෂය නම් කර තිබේ. රුසියාවේ සැලසුමට අනුව මෙය චන්ද්‍රයාගේ කක්ෂයට එපිටින් පිහිටුවීමට කටයුතු යොදා ඇත.

වසර 2020 අවසන්වීමට පෙරාතුව නිමා කිරීමට සැලසුම් කර ඇති මෙම මෙහෙයුම මගින් විශ්වයේ වඩාත් විස්තරාත්මක ඡායාරූප ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි රුසියානු අභ්‍යවකාශ බලධාරීන් විශ්වාසය පළ කරයි. මෙහිදී එම දුරේක්ෂය ස්වයංක්‍රීයව හෝ ගොඩබිම පිහිටි මෙහෙයුම් මධ්‍යස්ථානයට අනුව කටයුතු කිරීමේ අවස්ථාව පවතී.

මීට පෙර 2011 වසරේදීද රුසියාව විසින් මෙවැනිම ආකාරයේ අභ්‍යවකාශ දුරේක්ෂයක් දියත් කරන ලදි. රේඩියෝඇස්ට්‍රෝන් (Spektr-R) දුරේක්ෂය ලෙස හැදින්වුණු මෙය රුසියාවේ සහ තවත් විදේශීය අභ්‍යවකාශ ගවේෂණ සමාගම්වල එකමුතුවෙන් දියත් කෙරුණකි. කෙසේ වෙතත් සැලසුම් කෙරී ඇති මෙම නවීනතම Millimetron අභ්‍යවකාශ දුරේක්ෂයෙන් වඩාත් සාර්ථක තොරතුරු ලබා ගැනීමට හැකි වෙනු ඇති බව රුසියාව පවසයි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...