වූහාන් කොරෝනා රෝහල දින 10කින් ඉදිකරයි

2025 අප්‍රේල් මස 21 ප.ව. 08:02 - {{hitsCtrl.values.hits}}  

වූහාන්හි නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා දින 10ක් වැනි කෙටිකාලයක් තුළ චීනය ඉදිකිරීමට සැලසුම් කළ රෝහලේ ඉදිකිරීම් නියමිත පරිදි දින 10 තුළ අවසන් කිරිමට චීනය සමත්විය.

මෙම රෝහලේ ඉදිකිරීම් ඉරිදා දිනයේදී අවසන් කිරීමට නියමිතව තිබුණ අතර එදිනට ඉදිකිරීම් අවසන් කරමින් අද (සඳුදා 03දා) එම රෝහලේ ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.

හුඕෂෙන්ෂාන්හි ඉදිකළ මෙම රෝහලේ රොගීන් 1000කට නේවාසික පහසුකම් ලබාදීමට හැකිය. මෙම රෝහලේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා චීන මහජන විමුක්ති හමුදාවේ ත්‍රිවිධ හමුදාවේ 1400ක් වන වෛද්‍ය කාර්ය මණ්ඩලයක් යොදවා තිබේ.

2003 දී SARS වෛරස් රෝගයට ප්‍රතිකාල ලබාදීම සඳහා  බීජිං නුව ඉදිකළ රෝහල් ආකෘතිය අනුව මෙම රෝහලද නිර්මාණය කළේය. මෙහි ඉදිකිරීම් පසුගිය 23දා ආරම්භ කළේය.

ෂිංහුවා

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...