වෙසක් සැරසිලි තරඟයක් අන්තර්ජාලයෙන්

2024 නොවැම්බර් මස 17 ප.ව. 10:03 - {{hitsCtrl.values.hits}}  

මෙත් සවිය සංවිධානය මගින් සංවිධානය කරන බුද්ධ වර්ෂ 2564 සයිබර් වෙසක් කලාපය සඳහා මේ මස 12 වැනිදා දක්වා නිර්මාණ භාර ගැනේ. මේ සඳහා චිත්‍ර නිර්මාණ හා භාවනාවට අදාල ධර්ම කරුණු සහිත රූපසටහන්වල ඡායාරූප, පරිඝනක තාක්ෂණය යොදාගෙන නිර්මාණය කළ ඇනිමේටඩ් වෙසක් තොරණ, වෙසක් කූඩු වෙසක් සැරසිලි හා පාසල් මගින් සංවිධානය කරන සයිබර් වෙසක් කලාපවලට පිවිසෙන සබඳතා ද තම සංවිධානයේ වෙබ් අඩවිය වෙත එවන මෙන් මෙත් සවිය සංවිධානයේ සභාපති මහචාර්ය චන්දන ජයරත්න මහතා ඉල්ලා සිටියේය. මේ මස අට වැනිදා තෙක් උඩුගත කරන නිර්මාණ සඳහා විද්‍යුත් තැපෑල ඔස්සේ සහභාගි වීමේ සහතික පතක් පිරිනමන බව ද හෙතෙම සඳහන් කළේය.

නිර්මාණ උඩුගත කිරීම සඳහා www.meethsaviya.lk වෙබ් අඩවිය භාවිතා කරන ලෙසත් වැඩි විස්තර සඳහා 0714014467 හෝ 0112505088 දුරකථන අංක අමතන ලෙසත් ජයරත්න මහතා ඉල්ලා සිටියේය. 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...