ශ්‍රී ලංකාවේ විශාලම සුළං බලාගාර ව්‍යාපෘතිය මන්නාරමට

2025 අප්‍රේල් මස 23 පෙ.ව. 01:43 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාවේ විශාලම සුළං බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව හිමිකර ගැනීමට ඩෙන්මාර්කයේ වෙස්ටාස් සමාගම සමත්ව තිබේ.

මොගාවොට් 104ක සමස්ත ධාරිතාවයකින් යුක්ත මෙම සුළං බලාගර උද්‍යානය මන්නාරමදී ඉදිකිරීමට නියමිතය. 

ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදුකළ ජාත්‍යන්තර ටෙන්ඩරයකින් ඔවුන් මෙම අවස්ථාව හිමිකර ගෙන තිබේ.

ව්‍යාපෘතිය  මේ වසරේ මුල් කාර්තුවේදී ආරම්භ කිරිමට නියමිත අතර එය 2020 වසරේ තෙවැනි කාර්තුවේදී අවසන් කිරීමට නියමිතව තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර වසර 19කට පසුව තම සමාගම යළිත් ලංකාවට පැමිණෙන බව වෙස්ටාස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...