ශ්‍රී ලංකාවේ සුනඛයින් ලක්ෂ 30ක්

2025 අප්‍රේල් මස 21 ප.ව. 10:59 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රී ලංකාව තුළ සුනඛයින් ලක්ෂ 30 (තිහකට) ආසන්න ප්‍රමාණයක් සිටින බව මහජන සෞඛ්‍ය සහ පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂක එල්.ඩී.කිත්සිරි මහතා සඳහන් කලේය.

රත්නපුර නගරයේ පැවැති “ජලභීතිකාවෙන් තොර හෙටක්” ජාතික ජලභීතිකා මර්දන වැඩටහනට එක් වෙමින් ඔහු මේ බව පැවැසීය.

වාර්ෂිකව සුනඛයින්  61000 පමණ වද සැත්කමට ලක්කරන බවත් ඒ සඳහා මේ වසරේදී රුපියල් ලක්ෂ 1000 (දහසක්) පමණ වැය වී ඇතැයි හෙතම පැවසීය.

මේ වසරේදී බල්ලන් සපා කැමට  ලක වු මිනිසූන් දෙලක්ෂ පනස්දහසකට ජලභිතිකා එන්නත ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 3500 (තුන්දාස් පනසියක්) පමණ මුදලක් වැය වූ බව වෛද්‍ය එල්.ඩී කිත්සිරි මහතා මෙහිදී පැවසීය.

 ජලභීතිකා රෝගය වළක්වා ගැනීම සඳහා බල්ලන් ලක්ෂ 12 (දොලහකට) රුපියල් ලක්ෂ 500 (පන්සියයක්)පමණ මුදලක් මෙම වර්ෂය සදහා වැයවූ බවද හෙතම පැවසීය.

ජලභීතිකා රෝගය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව මෙම වර්ෂයේදී විසි හයක් පමණ වූ බව එ මහතා පැවසීය.

වැඩිම බලු ගහනයක් ඇති පළාත බස්නාහිර පළාත බවත් අඩුම බලුගහනයක් ඇති පළාත වනුයේ නැගෙනහිර පළාත බවත් ඔහු පැවැසීය.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...