ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි දුම්රිය මාර්ගය මහනුවරට

2025 අප්‍රේල් මස 21 ප.ව. 04:18 - {{hitsCtrl.values.hits}}  

මහනුවර නගරාසන්නව දිනපතා පවතින දැඩි වාහන තදබදය තුරන් කරලීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට තීරණය කර ඇත. 

අද (26) දින පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී මෙම ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාවක් පැවති අතර මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට එහිදී තීරණය කළේය. විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම යන මහත්වරු මේ සඳහා සහභාගී වුහ.

මෙම දුම්රිය ව්‍යාපෘතිය අනුව ඉදි කෙරෙන මහනුවර තදාසන්න දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාවේ ඉදි කෙරෙන ප්‍රථම විදුලි දුම්රිය මාර්ගය වේ.

ඒ් අනුව මෙම දුම්රිය මාර්ගය  රඹුක්කන සිට කඩුගන්නාව දක්වාත්, කඩුගන්නාවේ සිට මහනුවර හරහා කටුගස්තොට දක්වාත් ද්විත්ව මාර්ගයක් ඔස්සේ දුම්රිය ධාවනය කිරීමට පහසුකම් සැළසේ.

එමෙන්ම කඩුගන්නාවේ සිට ගම්පොළ දක්වා දීර්ඝවන දුම්රිය මාර්ගය නාවලපිටිය දක්වාත් දීර්ඝ කරන ලෙසත්, එමෙන්ම කුණ්ඩසාලේ ප්‍රදේශයද ආවරණය වන පරිදි ඉදිකිරීම් කරන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් දුන්නේය.

මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම් පොළ හා ඒ් අවට ප්‍රදේශය ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරෙන අතර ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාළිඟාව ඉක්මවන තෙක් කටුගස්තොට දෙසට කිලෝමීටර් එකහමාරක් දුරට භූගත උමං මාර්ගයක් ඔස්සේ මෙම තදාසන්න දුම්රිය මාර්ගය ඉදි කිරීමට යෝජිතය. සමස්ත ව්‍යාපෘතියම කොන්ක්‍රීට් කුළුණු මත ඉදිකිරීමට නියමිත අතර දැනට තිබෙන දුම්රිය මාර්ගයට ඉහලින් මෙම දුම්රිය මාර්ගය ඉදි කෙරේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...