ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන සංවර්ධනයට සැරසේ

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 12:49 - {{hitsCtrl.values.hits}}  

ජාතික වනෝද්‍යාන ඇතුළු සත්වෝද්‍යාන සංවර්ධනය කිරීම සඳහා චීන රජයේ සහයෝගය ලබාදීමේ අරමුණෙන් මෙරටට පැමිණි මහජන චීනයේ වන සංරක්ෂණ උප අමාත්‍යවරයා ඇතුළු චීන නියෝජිත පිරිස පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියහ. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී ඔවුන් පිළිගන්නා ලද්දේ තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය විසිණි.ගුවන් තොටුපොළේ අමුත්තන්ගේ ආලින්දයේදී නියෝජ්‍ය ඇමතිනී සුමේධා ජී. ජයසේන මහත්මිය සමග කෙටි පිළිසඳරක යෙදුණු මහජන චීනයේ වන සංරක්ෂණ උප අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන සංවර්ධනය කිරීම සඳහා සහාය  ලබාදීමට බලාපොරොත්තු වන බවයි.මෙරට ජාතික උද්‍යාන හා සත්වෝද්‍යාන සංවර්ධනය කිරීමට චීන රජයේ සහයෝගය හිමිවීමෙන් ශ්‍රී ලංකාව හා චීනය අතර මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වන බව සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.මෙම චීන නියෝජිත පිරිස රිදියගම සෆාරි උද්‍යානයේ නව සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවටද සහභාගී වන අතර උඩවලව ජාතික උද්‍යානය, දෙහිවල ජාතික සත්වෝද්‍යානය නිරීක්ෂණය කිරීමද සිදු කිරීමට නියමිතය.

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...