ශ්‍රී ලංකාවේ කාන්තා හිංසනය එක්සත් ජාතීන්ගේ අවධානයට

2024 ඔක්තෝබර් මස 06 ප.ව. 10:54 - {{hitsCtrl.values.hits}}  

 

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක කාන්තා ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට ගෙන ඇති පියවර විමර්ශනය  කිරීම සඳහා  කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කමිටුව ලබන 22 වැනිදා සිට මාර්තු  03 වැනිදා  ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී රැස්වෙන බව  මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සඳහන් කරයි.

මෙම එක්සත් ජාතීන්ගේ කමිටුව රැස්වෙන ප්‍රථම දිනයේදීම ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ සාකච්ඡාවට කරන  බවද එම කාර්යාලය පවසයි.මෙහිදී ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් රජයේ නිලධාරීහු පිරිසක්ද සහභාගී වෙති.

ශ්‍රී ලංකාවට අමතරව යුක්රේනය ,අයර්ලන්තය ,ජෝර්දානය ,එල් සැල්වදෝරය ,ජර්මනිය ,රුවන්ඩාව සහ මයික්‍රොනීෂියාව යන රටවල් ගැනද සොයා බැලෙනු ඇත.

(ලංකාදීප ඇසුරිනි- තිළිණි ද සිල්වා)

 

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...