ශ්‍රී ලංකාවේ උසම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අරඹයි

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 02:57 - {{hitsCtrl.values.hits}}  

ශ‍්‍රී ලංකාවේ ඉදිවන විශාලතම නේවාසික ගොඩනැගිල්ලට මුල්ගල තැබීම පෙරේදා (17දා) සිදුව තිබේ.හෝර්ටන් පෙදෙසේ ඉදිවෙන මෙම ගොඩනැගිල්ලේ උස තට්ටු 75ක් වන අතර එහි සමස්ත ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 250කි.

බස්නාහිර මහානගර සංවර්ධන සැලැස්මට අනුව මෙම ගොඩනැගිල්ල ඉදිවෙයි.මුල් ගල තැබීමේ  උත්සවය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණි. මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු 2020 වන විට අවසන් කිරීමට නියමිතය.

මෙය  දැනට ඉදිවෙමින් පවතින නෙළුම් කුළුණටත් වඩා වැඩි උසකින් යුක්ත බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

unnamed (2)

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...