ශ්‍රී ලාංකිකයන් 10% කට මානසික ව්‍යාකූලතා'

2024 ඔක්තෝබර් මස 07 පෙ.ව. 08:50 - {{hitsCtrl.values.hits}}  

(BBC Sandeshaya) ලෝක සෞඛ්‍යය සංවිධානයේ වාර්තාවලට අනුව ලෝකයේ සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙකු ජීවිතේ කුමන අවස්තාවක හෝ මානසික ව්‍යාකූලතාවයකට මුහුණ දෙන බව මානසික රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර පවසයි.

ඒ අනුව ලොව පුරා මිලියන හාරසිය පනහක් දෙනා මානසික රෝග වලට මුහුණ දෙන බවයි ඔක්තෝබර් 10 වැනිදා ලෝක මානසික සෞඛ්‍ය දිනයේ දී බීබීසීයේ තිසර රතුවිතාන සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇය ප්‍රකාශ කළේ.

බොහෝ දෙනා අතර සුලභව දකින්නට ලැබෙන මානසික රෝගී තත්වය විෂාදය (Depression) බව පැවසූ වෛද්‍ය රමණී ප්‍රකාශ කළේ ඕනෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකු සිය ජීවිත කාලය තුළ දී මෙයට ගොදුරුවන බවයි.

ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහනයෙන් 10% කට මානසික ව්‍යාකුලතා ඇති බව පවසන වෛද්‍යවරිය මානසික සෞඛ්‍යය පිළිබඳව දැන් පෙරට වඩා ජනතාව දැනුවත් වීම නිසා මෙන්ම මානසික වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාවද වැඩිවී ඇති නිසා ප්‍රතිකාර සඳහා පැමිණෙන මානසික රෝගීන්ගේ සංඛ්‍යාවද වැඩිවී ඇති බවයි පැවසුවේ.

ශ්‍රී ලංකාවේ දැනට මානසික රෝග පිළිබඳ වෛද්‍යවරුන් සියයක් පමණ සේවය කරන බැවින් හොඳ සේවාවක් ලබාදෙන බවද ඇය සඳහන් කළාය.

මානසික රෝග ඇතිවීමට හේතුව පිළිබඳවද කරුණු දැක්වූ වෛද්‍ය රමණී රත්නවීර සමග පැවති සංවාදයට ඉහත හඬ පටයෙන් සවන් දෙන්න.(BBC Sandeshaya)

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...