ශිෂත්ව ප්‍රවර්ධන කටයුතු 16 දා අවසන්

2025 ජනවාරි මස 10 ප.ව. 06:02 - {{hitsCtrl.values.hits}}  

ex_2333aමෙවර පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම ප්‍රවර්ධන කටයුතු මේ මස 16 වැනිදා මධ්‍යම රාත්‍රී 12ට පෙර අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එදින සිට 20 වැනිදා විභාගය අවසන් වන තෙක් විභාගයට අදාළ කිසිදු ප්‍රවර්ධන කටයුත්තක් සිදුකළ නොහැකි බවද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.

මේ අනුව එම කාලය තුළ අත්පත්‍රිකා හෝ බැනර් පෝස්ටර් මගින් අනුමාන ප්‍රශ්නපත්‍ර ප්‍රදර්ශන කිරීම, උපකාරක පන්ති පැවැත්වීමේ වැඩමුළු පැවැත්වීම, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් අනුමාන ප්‍රශ්න ප්‍රදර්ශන කිරීම, විකාශනය කිරීම සපුරා තහනම් වේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...