2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
Toggle navigation
පුවත්
විශේෂාංග
ළමා නිර්මාණ
කවි
චිත්‍ර
රචනා
කෙටි කතා
වෙනත්
පරිසරය
විද්‍යා
පාසල් පුවත්
ලොව වටා
දිනපොත
අද දවස
අද සිදුවීම්
.
Share Now
ශිෂ්‍යත්වයට පෙනී සිටි විශේෂ අවශ්‍යතා ඇති සිසුන් 250කට ශිෂ්‍යාධාර
2025 අප්‍රේල් මස 22 පෙ.ව. 03:19
- {{hitsCtrl.values.hits}}
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 250කට ශිෂ්‍යාධාර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඉකුත් අගෝස්තු මාසයේ පැවති ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වූ විශේෂ අවශ්‍යතා සහිත සිසු සිසුවියන් අතුරින් 250 දෙනෙකුට මෙලෙස ශිෂ්‍යාධාර ලබාදීමට නියමිතය.
මෙතෙක් සිසුන් 15,000කට පමණක් පහ ශ්‍රේණිය ශිෂ්‍යාධාර හිමිව තිබූ අතර එය මේ වර්ෂයේ සිට සිසුන් 20,000 ක් දක්වා ඉහළ නැංවීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම ශිෂ්‍යයන් සංඛ්‍යාව අතරින් ශිෂ්‍යත්ව විභාගයට ලබාගන්නා ලකුණු පදනම් කරගනිමින් සිසුන් 19,750ක් ශිෂ්‍යාධාර පිරිනැමීම සඳහා තෝරා ගැනෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඉතිරි 250 තෝරාගනුයේ විභාගයට ඉදිරිපත් වූ විශේෂ අවශ්‍යතා සහිත සිසුන් අතරිනි.
ඔවුන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම පදනම් කරගනිමින් මෙම ශිෂ්‍යාධාර ලබාදීමට නියමිත අතර එම ශිෂ්‍යාධාර අරමුදල 6 ශේණියේ සිට 13 දක්වාම අදාළ සිසුන් වෙත ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
දින පොත
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න
වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ
Read more...
diary
Read more...