ශිෂ්‍යත්වය ගැන තීරණයක් ගැනීම අත්‍යාවශ්‍යයි

2025 මැයි මස 07 ප.ව. 11:21 - 132  

ළමා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව  තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (08දා) රැස් වූ ශිෂ්‍යත්ව සමාලෝචන කමිටු රැස්වීමේදීය.

විභාග තුළින් ළමයාට අනවශ්‍ය මානසික පීඩනයක් ලබා නොදීමට පියවර ගත යුතු බව අවධාරණය කළ අධ්‍යාපන අමාත්‍යවරයා ළමා මනෝ විද්‍යාඥයින්, සමාජ විද්‍යාඥයින් සහ අධ්‍යාපනඥයින්ගේ දායකත්වය ඒ සඳහා අවශ්‍ය බව ද පෙන්වා දුන්නේය.

මෙම සමාලෝචන කමිටුවට අධ්‍යාපන ලේකම්වරයා ඇතුලු ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්, විශේෂඥ හා ළමා රෝග වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, අධ්‍යාපනඥයින් ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන්, විභාග කොමසාරිස්වරුන් සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...