ශිෂ්‍යත්වය, OL හා AL අයදුම්පත් කැඳවීම ඔන්ලයින් ක්‍රමයෙන්

2025 අප්‍රේල් මස 21 ප.ව. 04:50 - {{hitsCtrl.values.hits}}  

මේ වසරේ සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවත්වන ප්‍රධාන විභාග තුනක් සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

මේ අනුව පහ වසර ශිෂ්‍යත්ව විභාගය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හා උසස් පෙළ විභාගය සඳහා ඔන්ලයින් ක්‍රමයට අයදුම් පත් කැඳවීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කර තිබෙන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ සිට සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම අනන්‍ය වූ ශිෂ්‍ය අංකයක් ලබාදීමට සැලසුම් කර තිබෙන අතර, එම අංකයට ශිෂ්‍යයාගේ විභාග ප්‍රතිඵල හා බාහිර ක්‍රියාකාරකම් ඇතුළත් කිරීමටත් සැලසුම් කර තිබේ.

උසස් පෙළ විභාගයට අදාළව ගිණුම්කරණය, ජෛව පද්ධති තාක්ෂණවේදය, ඉංජිනේරු තාක්ෂණවේදය සහ තාක්ෂණවේදය හා විද්‍යාව විෂයයන් සඳහා වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර (Non Programmable Calculators) භාවිත කිරීම සඳහා අවස්ථාව ලබාදීමටද සැලසුම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...