ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි - දිස්ත්‍රික් හෝ දිවයින් තාරා නෑ

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 07:06 - {{hitsCtrl.values.hits}}  

2019 අගෝස්තු මාසයේ පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇති අතර www.donets.lk වෙබ් අඩවියට පිවිස එම ප්‍රතිඵල බලා ගැනීමට අවස්ථාව තිබේ.

ප්‍රතිඵල නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ මෙවර දිවයින් හෝ දිස්ත්‍රික් තාරා (Rank) නිකුත් නොකරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප්‍රතිඵල නිකුත් කිරීමේදී අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව දිස්ත්‍රික්කය හා මාධ්‍ය අනුව අදාළ කඩයිම් ලකුණු සමග සඳහන් කරන බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එසේම ශිෂ්‍යත්ව ප්‍රතිඵල සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කරන්නේ නම් එළැඹෙන 21 දාට පෙර සිදුකරන ලෙසත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොළඹ හා ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අදාළ පාසල් ප්‍රධානීන් හට හෙට (07දා)  පෙ.ව. 9.00 න් පසු මෙම දෙපාර්තමේන්තුව පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත පැමිණ ලබාගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අනෙකුත් පාසල්වල ප්‍රතිඵල ලේඛන එම පාසල් වෙත තැපැල් කරන බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...