ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් 355,326ක්

2024 නොවැම්බර් මස 19 ප.ව. 02:17 - {{hitsCtrl.values.hits}}  

05  ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 05දා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3050 කදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා අයදුම්කරුවන් 355,326ක් පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 09.30 සිට විනාඩි 45 ක කාලයක් පැවැත්වෙන අතර දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරු 10.45 සිට පැයකුත් විනාඩි 15 ක කාලයක් පැවැත්වේ. මේ හේතුවෙන් විභාග අපේක්ෂකයින් කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානයට පැමිණ පෙරවරු 09.00 වන විට ශාලාවල අසුන් ගත යුතු බව එම නිවේදනයේ සඳහන් වේ. සෑම විභාග අපේක්ෂකයෙකුම සිය විභාග අංකය ඇඳුමේ වම් පස පැළඳ සිටිය යුතු  අතර මව්පියන්ට විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුල්වීමට අවස්ථාව ලබා නොදෙන බව ද  විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

(රජයේ නිල පුවත් සේවය)

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...