ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළයුතු යැයි ජනපති කියයි

2025 අප්‍රේල් මස 22 ප.ව. 09:14 - {{hitsCtrl.values.hits}}  

පාසැල්වල පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී පැවසීය. ශිෂ්‍යත්ව විභාගය නිසා දරුවන් සහ ඔවුනගේ දෙමවුපියන් ලබන අමිහිරි අත්දැකීම් පිළිබඳව පැහැදිලි කළ ජනාධිපතිවරයා මේ කරුණු සැලකිල්ලට ගෙන ඒ විභාගය අහෝසි කිරීීම පිළිබඳව තීන්දුවකට රජය එළඹ තිබෙන බවද කීය.
 
පහේ ශිෂ්‍යත්ව විභාගය යනු දරුවන්ගේ කායික, මානසික තත්වය දුර්වල කරන දරුවන්ගේ මානසික තත්වය වට්ටන, අම්මලා ලෙඩ්ඩු කරන අම්මලා මානසික රෝගීන් කරන එකක් බවද ජනාධිපතිවරයා කීවේය. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන  වැඩසටහන යටතේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද මෛත්‍රී ශිල්ප කලා මණ්ඩපය ශ්‍රවණාගාරය සිසු අයිතියට පත් කිරීමෙන් අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එසේ පැවසීය.

(ලංකාදීප ඇසුරින්)
 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...