ශිෂ්‍යත්ව හා සාපෙළට ඉදිරියේදී දිවයිනේ 1,2,3 ස්ථාන නෑ

2025 අප්‍රේල් මස 22 ප.ව. 05:39 - {{hitsCtrl.values.hits}}  

ඉදිරියේදී පහේ ශිෂ්‍යත්ව සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සඳහා ලංකාවෙන් ම පළමුවැනියා, දෙවැනියා, තෙවැනියා ආදී වශයෙන් ලකුණු පදනම් කරගනිමින් ශ්‍රේණි ලබාදීමක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කුරුණෑගල කුඩාකත්නෝරුව ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සහ තාක්ෂණික ගොඩනැගිල්ල  සිසු අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට පසුගිය දා එක් වෙමිනි

බොහෝ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිදහසේ සැහැල්ලුවෙන් සිදුකිරීමට ඇති අවකාශ අහිමි වී තිබෙන්නේ, පහේ ශිෂ්‍යත්වය සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ කඩඉම් විභාග ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

විභාගවලින් සිසුන් ශ්‍රේණිගත කිරීම අනවශ්‍ය කටයුත්තක් බවත්, මේ තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන් තම උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කර ඇති බවත්, ඉදිරියේ දී එම කමිටු නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් ශිෂ්‍යත්ව සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා ශ්‍රේණි ලබාදීම නතර කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරයි.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...