ශිෂ්‍යාධාර මුදල් Online හරහා ගිණුමට

2025 අප්‍රේල් මස 21 ප.ව. 10:56 - {{hitsCtrl.values.hits}}  

පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය සමතුන්ට ශිෂ්‍යාධාර මුදල් ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම ව,  සිදුකිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට ශිෂ්‍යාධාර දීමනාව සඳහා සුදුසුකම් ලබා සිටින  සියලු පාසල් සිසුන්ගේ සවිස්තරාත්මක දත්ත පද්ධතියක් සකස් කර තිබේ.

එම දත්ත පද්ධතිය ඇසුරෙන් සෑම මසක ම 10 වැනි දින වනවිට  සිසුන්ගේ බැංකු ගිණුම් වෙත මාර්ගගත ක්‍රමයට (Online) මුදල් බැර කරනු ලැබේ. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සෑම වසරකදී ම  සිසුන් 350,000කට ආසන්න පිරිසක් පෙනී සිටින අතර, මේ වනවිට ඔවුන් අතරින් ශිෂ්‍යත්වය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල (මාසික ආදායම රුපියල් 15000ට අඩු)  සිසුන් 20,000 කට පමණ ශිෂ්‍යාධාර ලබාදීම සිදු කෙරේ. ශිෂ්‍යත්ව සමතුන් වෙත මෙසේ ශිෂ්‍යාධාර ලබාදීම 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩව සිදු කෙරෙන ක්‍රියාවලියකි.

ශිෂ්‍යාධාර මුදල් ලබාගැනීම සඳහා මෙතෙක් පැවති ක්‍රමය වූයේ, එක් එක් සිසුන් තමන්ගේ ශිෂ්‍යාධාර මුදල් ලබා ගැනීමට මාස් පතා වවුචර් මඟින් ඉල්ලුම් කිරීමයි. එම නිසා පැවති ගැටළු සහ ප්‍රමාදයන් මෙම Online ක්‍රමය මඟින් විස‍ඳෙන අතර, එමගින් අදාළ ශිෂ්‍යාධාර මුදල් අපහසුවකින් තොර ව සිසුන්ගේ ගිණුමට සෘජුවම ලබාදීමට හැකිවීම මෙහි විශේෂත්වයකි.

ශිෂ්‍යත්ව සමත් සියලු දරුවන්ට  මාසික ව  රුපියල් 750/- ක් මේ අනුව හිමිවන අතර, පසුගිය අයවැයෙන් ඒ සඳහා රුපියල් මිලියන 900ක් වෙන් කර ඇත.

ඒ අනුව, 2020 වර්ෂයේ ජනවාරී මස සිට රජයේ සියලුම පාසල්වල සහ පිරිවෙන්වලත්, පෞද්ගලික හා රජයේ ආධාර ලබන පාසල්වලත් පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව සමත් ශිෂ්‍යාධාර සුදුසුකම් ලබන සිසුන් සඳහා  Online ක්‍රමයට ශිෂ්‍යාධාර ලබා දීම සිදුකෙරේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...