සංහිදියාව ගොඩනගන "සහෝදර පාසල්"පාඩසාලෙයි" ඇරඹේ

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 06:02 - {{hitsCtrl.values.hits}}  

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය සහ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ එක්ව දීප ව්‍යාප්තව "සහෝදර පාසල් / පාඩසාලෙයි" නමින් වැඩසටහනක් අරඹා ඇත. අදියර කිහිපයකින් සිදුවන මෙම වැඩසටහන් මාලාව මගින් පාසල් සිසුන් අතර මෙන්ම ගුරුවරුන් අතර ද ජාතික සමගිය, ශ්‍රී ලාංකීය විවිධත්වය, සංහිඳියාව වැනි කාලෝචිත කරුණු ගැන ප්‍රයෝගික දැනුවත් කිරීමක් සිදුවන අතර සිසු හුවමාරු වැඩසටහන් ද ඇතුලත් වේ.  

පළමු අදියරය ලෙසින් මෙම වසරේ මුල් භාගයේදී උතුරු, දකුණු, බස්නාහිර, නැගෙනහිර සහ මධ්‍යම පළාතේ ගුරුවරුන් හා නිලධාරීන් කේන්ද්‍ර කරගත් පුහුණුකරුවන් සඳහා වූ වැඩමුළු මාලාවක් පැවැත් වූ අතර දෙවන අදියරය ලෙස "සහෝදර පාසල්/පාඩසාලෙයි" තේමාවෙන් යුතු ශිෂ්‍ය කඳවුරු දකුණු පළාත් සිසු සිසුවියන් සහ නැගෙනහිර පළාත් සිසු සිසුවියන් එක්ව මඩකලපුවේ ද මධ්‍යම පළාතේ සිසු සිසුවියන් සඳහා දඹුල්ලේ ද පසුගිය සතියේ දී පැවැත්විණි. උතුරු සහ බස්නාහිර ඇතුළු අනෙකුත් පළාත්වල සිසුන් සඳහා වූ "සහෝදර පාසල් / පාඩසාලෙයි" කඳවුරු 2017 වසරේ මුල් භාගයේදී පැවැත්වීමට නියමිතය. 

මෙම පස්-දින නේවාසික ශිෂ්‍ය කඳවුරුවලදී සිසුන් එකිනෙකා දැන හඳුනාගැනීම සමගම ශ්‍රී ලංකාවේ විවිධත්වය, එකිනෙකාගේ සංස්කෘතික ආගමික අනන්‍යතාවන්, සමගිය හා සංහිදියාව තුළින් ජීවත් වීම, විවිධ අධ්‍යාපනික ක්‍රියාකාරකම් මෙන්ම තම තමාගේ පාසල් පාදක කර කළ හැකි අනාගත ක්‍රියාකාරකම් ගැනද ඉතා ගැඹුරු ලෙසින් යොමු කළහ. විශේෂයෙන් පුහුණුව ලද පළාත් පුහුණුකරුවන්ගේ සංචිතයක් තුළින් මෙයට සමගාමීව පාසල් මට්ටමින් ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. 

මෙම  "සහෝදර පාසල් / පාඩසාලෙයි" වැඩසටහනහි ප්‍රධාන අරමුණ වන්නේ ජාතික සමගිය හා සංහිදියාව සම්බන්ධයෙන් ක්‍රියා කළ හැකි පුහුණුකරුවන් සහ ගුරුවරුන් සංචිතයක් මෙන්ම දහස් ගණනක සිසු සිසුවියන් පිරිසක් පළාත් මට්ටමින් ඇති කිරීම තුළින් ඔවුනොවුන්ගේ සමාජයන්හි ධනාත්මක වෙනසක් ඇති කිරීමය. අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ මධ්‍යම හා දිගු කාලීන වැඩ සැලැස්මට අනුව "සහෝදර පාසල් / පාඩසාලෙයි" වැඩසටහන තුළින් සිසු ප්‍රජාව තුල ශ්‍රී ලාංකීය විවිධත්වය ගැන දැනුවත් වීම තුළින් අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකර විවිධ පළාත් අතර මෙවන් සබඳතා ගොඩ නැගෙනු ඇතැයි බලාපොරොත්තුවේ.

(ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...